May 02, 2024

කොවිඩ් ගැන වැදි බණ කියූ මන්ත්‍රීවරියටත් කොවිඩ්

February 17, 2022

කොවිඩ් ආසාදනය වීමෙන් වැළකීම සඳහා විරෝධතා ආදිය සඳහා ඒකරාශී නොවන ලෙස මාධ්‍ය හමුවක් තබමින් ජනතාවට දේශනයක් දීමට ගොස් අනා ගත් මන්ත්‍රීවරියටද කොවිඩ් වැලදී තිබෙනවා.

ඒ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරියක වන රාජිකා වික්‍රමසිංහ මහත්මිය.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය

කොවිඩ් ප්‍රශ්නය මෙතරම් බරපතළ නම් අනුරාධපුරයේ සල්ගාදු පිටියේ පැවැති පොදුජන පෙරමුන රැළියට ජනතාව ඒකරාශී කළේ ඇයිදැයි එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කළා.

කොවිඩ් වසංගතය නිසා ජනතාව ඒකරාශී වීම නුසුදුසුනම් එම රැලියට ජනතාව ඒකරාශී නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු නොවේදැයි යන්නත් එහිදී මාධ්‍යවේදියා මන්ත්‍රීවරිය ගෙන ප්‍රශ්න කලා.

එම ප්‍රශ්න කිරීම් හමුවේ අසරණ වූ ඇය අනුරාධපුර සල්ගාදු රැළියට කිසිවෙකු බලෙන් ගෙන නො ආ බවත් එහි පැමිණි ජනතාව ස්ව කැමැත්තෙන්ම එහි පැමිණි ඇය බවයි ප්‍රකාශ කළේ.

53 වැනි ආසාදිතයා

ඒ සමගම තවත් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට ඉඩ නොතබා කඩිමුඩියේම එම මාධ්‍ය හමුව අවසන් කිරීමටත් වික්‍රමසිංහ මහත්මිය පියවර ගත්තා.

කොවිඩ් වසංගතය ගැන ජනතාවට එසේ උපදෙස් දුන් ඇය මේ වන විට කොවිඩ් වැළඳුණු 53 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා ලෙස වාර්තා පොතට එක්වී තිබෙනවා.

වික්‍රමසිංහ මහත්මියට රෝගය වැළඳුණේ කෙසේදැයි ප්‍රසිද්ධියට පත් වී නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 February 2022 14:49