තමන් ඇතුළු විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමක් නැති බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.
අවශ්‍ය නම් තමන්ව ඇමති ධුරවලින් ඉවත් කිරීමේ බලය තමන්ට තිබෙන බව ජනපතිවරයා හොඳින් දන්නා බවත් ඒ අනුව කටයුතු කිරීමට ජනපතිවරයාට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.
අපේ මතය නිවැරදියි
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් සහ වීරවංශ හා නානයක්කාර යන අමාත්‍යවරුන් පෙනී සිටි මතය නිවැරදි බවයි ගම්මන්පිල ඇමතිවරයා අවධාරණය කරන්නේ.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිස ගත් ඒ මතය වැරදි යැයි පැවසීම ජනපතිවරයාගේ මතය බව ඇමතිවරයා පෙන්වා දෙනවා.
ගම්මන්පිල අමාත්‍යවරයා තමන් මෙන්ම වීරවංශ හා නානයක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ ජනපතිවරයාට.
ජනපතිගේ ප්‍රකාශය
ඒ ජනපතිවරයා මීට ටික දිනකට පෙර මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙසයි.
යුගදනවි බලාගාරය සිද්ධිය මුල් කොටගෙන කැබිනට් ඇමතිවරුන් තිදෙනකු අධිකරණය හමුවට යාමෙන් කැබිනට් මණ්ඩල සාමූහික වගකීම කඩ කර ඇති බැවින් ඔවුන් ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම වඩා සුදුසු යැයි එහිදී ජනපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වනවා.