May 04, 2024

කොටදෙණියාවේ අතුරුදන් වූ දරු දෙදෙනා හමු වූ තැන

කොටදෙණියාව පොලිස් වසමේ, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන් වූ දරුවන් දෙදෙනා හමුවී තිබෙනවා.

එම දරුවන් දෙදෙනා අද මීරිගම ප්‍රදේශයේ දී හමුවු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඥාති සොහොයුරන් වන අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන මෙම ළමයින් පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුවයි පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේ.

පොලීසිය මොවුන්ගේ ඡායාරූප සහ තොරතුරු අවස්ථා දෙකකදී මාධ්‍ය වෙත නිකුත් කළ ද කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.

දරුවන්ගේ මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ද පරස්පර ප්‍රකාශ නිකුත් කළ අතර, අතුරුදන්වූ ආකාරය පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහා මෙම ළමයින් මේ වන විට කොටදෙණියාව පොලීසියට රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)