May 02, 2024

ගුරුවරුන්ගේ සිහින රජය ඉටු කරයි

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, මේ මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ඇති ව මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි.

Rate this item
(0 votes)