May 03, 2024

ගුරු විදුහල්පති සටනට දෙමව්පියනුත් එක්වෙයි (PHOTOS)

November 03, 2021

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් දිවයින පුරා මව්පියෝ විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපනය තුල අතරමංව සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරගැනීම සඳහා ගුරු විදුහල්පති වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයට එක් වූ දෙමාපියන් රජයට බල කර සිටියා.

ගාල්ල මහින්ද විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, කළේගාන පියතිස්ස, ගාල්ල සවුත්ලන්ඩ්ස් යන පාසල් ඉදිරිපිට දෙමව්පියන් විසින් සටන්පාඨ ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතායේ නිරත වුණා. ධාරාණිපාත වර්ෂාව මැද විරෝධතාකරුවන් ගුරු විදුහල්පතිවරුන්ට සහාය පලකරමින් විරෝධතාවයේ නිරතව සිටියා.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට සහය පල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ දමිල සහ සිංහල පාසල් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (03) නාවලපිටිය නගර මධ්‍යයේ සහ පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

උදෑසන 8.30 සිට 9.30 දක්වා දෙමව්පියන් උද්ඝෝෂණයේ නිරත වෙමින් කියා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දී තම දරුවන්ගේ අධ්‍යපනය ඉහල දැමිමට පියවර ගන්නා ලෙසයි.

විදුහල්පතිවරුන් ගුරුවරුන් ගෙන යන අරගලයට සහය පළ කරමින් දඹුල්ල ප්‍රාථමික විදුහලේ දෙමව්පියෝ පිරිසක්ද විරෝධතාවක නිරත වුණා.

දෙමව්පියන් පිරිසක් පාසල් ගේට්ටුව ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වුණා. පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මීටරයක දුර පරතරයක් තබාගෙන අඩු පිරිසක් සහභාගී කරවාගෙන මෙම විරෝධතාවය පැවැත්වීම විශේෂත්වයක්.

Rate this item
(0 votes)