April 26, 2024

ගුරු, විදුහල්පතිවරුන් වෙනුවෙන් තවත් ගැසට් නිවේදනයක් Featured

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පසුගිය වසරේ අගෝස්තු මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව එදින සිට මෙම සේවාවන් තුන සංවෘත සේවාවන් 3ක් බවට පත්වනු ඇති.

පත්කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින් බල පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

පසුගිය සමයේ ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වූයේ වැටුප් විෂමතාව සහ සිය සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

පසුගියදා ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් ඉටුවනවා.

Rate this item
(0 votes)