April 19, 2024

ඇමැති ජී.එල් කොරියානු රජයේ ප්‍රධානීන් හමුවෙයි - සහයත් ඉල්ලයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා වන යූ ඉයුන්-හයි මහතා සමඟ සෝල් නුවර දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

අමාත්‍ය පීරිස් මහතා දෙරට අතර පවත්නා පුළුල් ආර්ථික සහයෝගීතාව පිළිබඳව සඳහන් කළ අතර, විශේෂයෙන්ම කොයිකා (KOICA) සහ කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුව විසින් මෙහෙයවනු ලබන විදේශ සංවර්ධන ආධාර පිළිබඳව අවධාරණය කළ අතර මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිලාභ පිළිබඳව ද අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කළ අතර 2023 වර්ෂයේ  පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

විදේශ අමාත්‍ය පීරිස් මහතාට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මහතා,  ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබා දීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බව සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 15:40