April 28, 2024

රෝහල් වැඩ කටයුතු ඇණ හිටී (PHOTOS)

December 20, 2021

අද (20) උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා, 

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයක් අරගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්ක 5 තුළ කොහොමත් ප්‍රතිකාර පවත්වාගෙන යාමේ අසිරූතාවයක් තිබෙනවා. ඒ වාගේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බිඳවැටීමකට ලක්වෙනවා. මේ පිළිබඳව දිගින් දිගටම අපි රජය දැනුවත් කළා. ඒ වගේම ඊයේ දිනයේ අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළා. අග්‍රාමාත්‍යතුමන් මේ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. තවමත් වේලාව තියෙනවා මෙය නිවැරදි කිරීමට. අද උදේ 8.00 පෙර මෙය නිවැරදිකරන්න අවශ්‍යනම් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙයට මැදිහත්වෙන්න. මේ සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ මේ වෛද්‍ය වර්ජනය නිසා නෙමෙයි. සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා රෝගීන් අපහසුතාවයට පත්වෙන්නේ."  

එම වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය මුලික රෝහල , බගවන්තලාව ප්‍රාදේශිය රෝහල , කොටගල ප්‍රාදේශිය රෝහල ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ රෝහල් රැසකටම ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.

බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ට නිකුත් කරනු ලබන රිසිට් පත නිකුත් කලද රෝගින් පරික්ෂා කිරිමට වෛද්‍යවරුන් අද (20) දින සේවයට වාර්තා කර නොමැති බවයි රෝගින් කියා සිටියේ.

වැඩ වර්ජනයක් පැවතියද හදිසි ප්‍රතිකාර සිදු කරන බවද එම රෝහල් වල වෛද්‍යවරුන් පැවසුවා.

Rate this item
(0 votes)