April 25, 2024

තැපෑලත් වර්ජනයක (PHOTOS)

December 14, 2021

තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ඊයේ (13) පස්වරු 4.00 ට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (14) පෙරවරුවේ සිට සමස්ත තැපැල් සේවය අඩාල වී ඇති බව තැපැල් හා විදුලිසංදේශ නිලධාරී සංගමයේ ලේකම් ශාන්ත කුමාර මහතා පැවසුවා.

වැඩවර්ජනයත් සමඟ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ඊයේ මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක නොවූ බව කී ශාන්ත කුමාර මහතා අද පෙරවරුවේ තැපැල් කාර්යාල රැසක් විවෘත නොකළ බව ද සඳහන් කළා.

තැපැල් සේවාවේ ප්‍රධානම කාර්යක් වන ලිපි බෙදීමේ කටයුතු ද අද දිනයේ සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බවත් ශාන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවසුවා.

වැටුප් වැඩි කිරිම් ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති දිවයින පුරා ඊයේ (13) දින පස්වරු 4.00 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටිනවා.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (13) දින පස්වරු 4.00 ට හැටන් සහ බගවන්තලාව තැපැල් කාර්යාලය වසා දමා තැපැල් සේවකයින් තැපැල් කාර්යාලය වලින් බැහැරව යන අයුරු අප කැමරාවේ මෙසේ සටහන් වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 13:03