May 06, 2024

අලුත් පෝලිම පුද්ගලික බෙහෙත් ශාලා වලට

December 22, 2021

විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.

ඒ හේතුවෙන් දෛනිකව රජයේ රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා. ඒ අනුව එම රෝගීන් පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමු වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දින තුනක් තිස්සේ  සිදු කරන වැඩවර්ජනය හේතුවෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රාදේශිය රෝහල් අවට රෝගින් දැඩි අසිරුතාවයට පත් වි සිටිනවා.

රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබා නොදිම හමුවේ රෝගින් පෞද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා ගැනිමට දිගුපෝලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් වුණා.

එම රෝගින් කියා සිටියේ රජයේ බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබා නොදිම නිසා පවතින දැඩි ජිවන වියදම හමුවේ වුවද එම බෙහෙත් ශාලාවලට විශාල මුදලක් ගෙවා රෝගයට ප්‍රතිකාර ලබා ගැනිමට සිදු වි ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව අවසන් වී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට ඊයේ දැඩි බාධා එල්ල වූ අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් ද පත් වූයේ දැඩි අපහසුතාවකටයි.

වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් දේශපාලන අත පෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම්, වැඩ වර්ජනය අතහැරීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අද (22) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබෙන දීප ව්‍යාප්ත වැඩවර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරයා සමඟ ඊයේ දින සාකච්ජාවක් පැවැත් වූ බවයි.

වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරු සම්බන්ධයෙන් දේශපාලන අත පෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම්, වැඩ වර්ජනය අතහැරීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළා.

ඒ අනුව, දැන් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් බව හා මීට පෙරම අමාත්‍යවරයා ක්‍රියාත්මක වූයේ නම්, වැඩවර්ජනය මෙලෙස දීර්ඝ නොවීමට ඉඩ තිබුණු බවයි, ඔහු පැහැදිලි කළේ.

එහෙයින් මෙලෙස වැඩවර්ජනයක් සිදුවීමේ වගකීම අමාත්‍යවරයා භාර ගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 19:06