May 17, 2024

අද එළවළු මිල : එළවළු කිහිපයක මිල 400 පනී

December 22, 2021

ඉන්ධන මිල ඉහළ යෑම නිසා එළවළු මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එළවළු වෙළෙන්දෝ පවසනවා.

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා එළවළු මිලද වැඩි වන බව එළවළු ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දෝ සඳහන් කරනවා.

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (22) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 400 ඉක්මවා ගිය අතර එම එළවළු වන්නේ බීට්රූට්‍, මාළු මිරිස්, අමු මිරිස්, තක්කාලි, වම්බටු, මෑකරල්, කරවිල, තුඹ කරවිලයි.

අමු මිරිස් කිලෝවක තොග මිල 880 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙයි.

Rate this item
(0 votes)