March 29, 2024

නුවරඑළියේ එළවළු රැසක මිල පහතට

ඇතැම් එලවළු වර්ග වල මිල පහත වැටීම හමුවේ එළවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වී ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

අද (30) නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

"මේ වන විට එළවළු මිල පෙර මාස වලට සාපෙක්ෂව අඩුවක් පවතිනවා. ලීක්ස් රු.160-170 , ගෝවා රු.200, කැරට් රු.400, බීට්රුට් රු.300, රාබු රු.40-50 වශයෙන් තමයි යන්නේ. එළවළු මිල අඩු වීම ගොවීන්ට පාඩුවක් වෙනවා. ඒකට හේතුව තමයි එළවළු නිෂ්පාදනය කරන්න ගොවීන්ට විශාල වියදමක් දරන්න සිදු වෙලා තියෙනවා. පොහොර මිටියක් රු.9500යි, යුරියා මිටියක් රු,22500යි, වැඩ කරන කම්කරුවෙකුට රු.2000 පමණ ගෙවන්න ඕනි. එළවළු බීජ ලබා ගැනීමේදි පෙර ලැබුණු වට්ටම් කිසිවක් ලැබෙන්නේ නැහැ."

"ඉස්සර බීජ ටින් ලබා ගැනිමේදි මුදල් ගෙවීමට යම් කාලයක් ලබා දුන්නා. නමුත් දැන් එලෙස කාලයක් ලබා දෙන්නේ නැහැ. පොහොර ගැටළුව නිසා එළවළු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා. ඒ නිසා එම එලවළු මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නැහැ. අඩු මිලට තමයි අලෙවි කරන්න වෙන්නේ. එළවළු මිල වැඩි වුණාම පාරිභෝගිකයන් මිලදී ගන්නේ ගුණාත්මකභාවයෙන් වැඩි එළවළු පමණයි. ගුණාත්මක භාවයෙන් අඩු එළවළු මිල දි ගන්නේ නැහැ. ඒ නිසා ව්‍යාපාරිකයන් දැඩි වෙහෙසක් දරනවා එම එළවළු අලෙවි කරන්න."

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 January 2022 16:09