April 20, 2024

අද එළවළු මිල : මිලේ සුළු වෙනසක්

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (13) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඊයේ දිනට සාපේක්ෂව අද එළවළු මිලද යම් මට්ටමකට ඉහල ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 300 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ග වන්නේ කැරට්, බිට්රූට්, ලීක්ස්, පතෝල, දඹල, මෑකරල්, කරවිල, නෝකෝල් සහ මාළු මිරිස්.

එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති  බවත්, ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩනමින් ලබානොදුනහොත් අප්‍රේල් මැයි මාසය වන විට එලවළු හිගයක් ඇති වී යලිත් එලවළු මිල ඉහල යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

අද (14) නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

"එළවළු හිඟ වීමට ප්‍රධාන හේතුව පොහොර ප්‍රශ්නය. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය කිලෝ හැටදහසකට බැහැලා තියෙනවා. එළවළු මිලේ යම් කිසි අඩුවක් පැවතුණත් ඒක දිගටම පවතින්නේ නැහැ. ආපසු එළවළු හිගයක් පවතිනවා. නුවරඑලිය එළවළු දැන් ඉහල මිලකට අලෙවි වෙනවා. ගමේ එළවළු මිල ඉහල ගිහින් තියෙනවා. වට්ටක්කා රු.115, බෝංචි රු.350යි. මේ සම්බන්ධයෙන් අපි එදා ඉදන්ම කිව්වා ඒකට කන් දුන්නේ නැහැ බලධාරින්. පහතරට එළවළු හදන්න භාවිතා කරන යුරියා වැනි පොහොර තවම ලබා දිලා නැහැ. භෝගයට අවශ්‍ය පොහොර ටික ලබා දිලා නැහැ. පොහොර ලබා දුන්නේ නැත්තම්, මැයි ජුනි වගේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. අද නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ගැනුම් තොග මිල බැලුවම  කැරට් රු.400 , ලික්ස් රු.220 , බිට්රුට් රු.270-300 , ගෝවා රු.170-200 , කැප්පටිපොල පැත්තේ බෝංචි රු.350යි. පොහොර නැති නිසා අස්වැන්න අඩුයි. අස්වැන්න අඩු නිසා එළවළු ආර්ථික මදධ්‍යස්ථාන වෙත එන්නේ නැහැ. ඉල්ලුමට සරිලන එළවළු නැති නිසා තමයි එළවළු මිල ඉහල යමින් පවතින්නේ.ආර්ථික මධ්‍යස්ථාන වලට එළවළු එන්නේ 40% යි. දැන්ම පොහොර දුන්නේ නැත්තම්, අප්‍රේල් වෙනකොට දැඩි එළවළු හිගයක් එනවා."

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 16:56