ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මධ්‍යම පලාතේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන සියළුම රෝහල්වල සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් මෙන්ම සායන කටයුතු වලට පැමිණි රෝගින් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.
සායන කටයුතු සදහා පැමිණි රෝගින් සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ව වෛද්‍යවරුන් විසින් පරික්ෂා කිරිම සිදු කල අතර එම රෝගින්ට අවශ්‍ය ඖෂධ වර්ග අද (09) දින නිකුත් නොකරන බවට වෛද්‍යවරුන් පැවසු බවයි එම රෝගින් කියා සිටියේ.
දික්ඔය මුලික රෝහලේ බෙහෙත් ශාලාව වසා දමා තිබු අතර වැඩ වර්ජනය හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු වලට තරමක බාධාවක් ඇති බවද එම රෝහලේ වෛද්‍යවරුන් පැවසුවා.
දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට විශාල රෝගින් පිරිසක් අද (09) දින පැමිණ සිටියා.
(හැටන් - රංජිත් රාජපක්ෂ)