May 13, 2024

තවත් ගෑස් වංචාවක් - සමාගම් අමාත්‍යංශයත් අන්දවයි (PHOTOS)

December 09, 2021

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09) උදෑසන මිල දී ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස්‌ සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින්  සුදු පැහැති පරණ ලේබලය තිබු බව එම කාන්තාව පැවසුවා.

ලිට්‍රෝ ගෑස්‌ පාරිභෝගිකයන් නොමග යැවිමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගෑස්‌ සිලින්ඩරයේ සුදු පැහැති ලේබලයට උඩින් රතු පැහැති ලේබලය අලවා ඇති බවයි එම කාන්තාව කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියොජිතයන් වෙත අද (09) දින එම සමාගම විසින් ගෑස්‌ සිලින්ඩර් තොග බෙදා හැරි අතර ඔවුන් සතු පැරණි ගෑස්‌ තොග වෙනත් දිනයක ලබා ගන්නා බවට සමාගම විසින් තමන්ට දැනුම් දුන් බවයි බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ගෑස්‌ අලෙවිය තවදුරටත් අඩුව පවතින බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස්‌ අලෙවි නියෝජිතයන් කියා සිටියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 11:15