May 11, 2024

රේස් ගිය මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි (PHOTOS) Featured

December 09, 2021

නුවරඑලිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසුවා.

අද (09) අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්ත ප්‍රදේශයේදියි.

අධික වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථයේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව හෝ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය සැක කරයි.

අනතුරෙන් තුවාල ලැබු රියදුරා මෝටර් රථයේ අයිතිකරු බවත්, තුවාලකරු මිට ප්‍රථම මෙම මෝටර් රථය බිමත්ව ධාවනය කිරිමේ චෝදනාව යටතේ ඉකුත් සතියේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු වරද පිලිගත් නිසා චුදිතයාට රු.25000 දඩයක් නියම කර චුදිතයාගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තුවාලකරු රියදුරු බලපත්‍රය නොමැතිව මෝටර් රථය ධාවනය කර ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පැවසුවා.

Rate this item
(0 votes)