April 28, 2024

ඇමති බිරිද කෙලින්ම කියයි : රටේ ජනයා ගැන තිබෙන්නේ දුකක් - බොහෝ පවුල් කන්නේ වේල් දෙකයි

December 09, 2021

අද සාමාන්‍ය පඩියකින් නඩත්තු වන පවුල් එකට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අලහපෙරුම අමාත්‍යවරයාගේ බිරිඳ වන ප්‍රදීපා ධර්මදාස මහත්මිය සදහන් කරනවා.

ගායිකාවකද වන ඇය සඳහන් කරන්නේ අමාත්‍යවරයෙකුගේ බිරිඳක් වන තමාට එසේ දැනෙනවා නම් අනිත් ඇගේ තත්ත්වය ගැන කවර කතාද කියායි.

තුන්වේල කන්න බැහැ

බඩු මිල ඉහළ යන විදිහට මිනිස්සු කාලා බීලා ඉන්නේ කෙසේදැයි තමන්ට හිතා ගන්නටවත් බැරි බව සදහන් කරන ඇය සාමාන්‍ය පවුලක් තුන්වේලක් කන බව තමා විශ්වාස නොකරන බවද පෙන්වා දෙනවා.

බොහෝ පවුල් වේල් දෙකක් හා ජීවත් වෙන බව තම විශ්වාසය බවත් ඇය සඳහන් කරනවා.

තමා මේ අදහස් පල කරන්නේ පොළට ගොස් බඩු ගන්නා කාන්තාවකගේ අත්දැකීම් ලෙස බවයි ඇය අවධාරණය කරන්නේ.

තමාට ජනතාව මුහුණ දෙන මේ තත්ත්වය පිළිබඳව අවංකවම දුකක් හා කණගාටුවක් තිබෙන බවද ඇය සඳහන් කරනවා.

පාලකයන්ගේ වගකීම

රටේ පාලකයන් තීන්දු තීරණ ගැනීමේදී ඒවා නිවැරදිව ගත්තේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවයි ඇගේ විශ්වාසය වන්නේ.

තමා මේ සම්බන්ධයෙන් අලහප්පෙරුම අමාත්‍යවරයාට කරුණු කියද්දී ඔහු කසාය බීපු ගොලුවෙක් සේ සිටින බව පෙන්වා දෙන ධර්මදාස මහත්මිය ඒ වෙලාවට අලහප්පෙරුම මහතා කාර්ය බහුල ගතියක් පෙන්නුම් කර පැත්තකට වන බවද සඳහන් කරනවා.

තමා ඇතැම් දේවල් ඔහු ඉදිරියේ බරපතළ ලෙස විවේචනය කරන බවයි අනාවරණය කරන්නේ.

ප්‍රදීපා ධර්මදාස මහත්මිය මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 December 2021 11:14