May 11, 2024

2022 නිදහස් සැමරුමේ වෙනසක් : මහාමාන්‍ය සේනානායකට අමතරව බණ්ඩාරනායකත් සමරන්න තීන්දුවක්

December 09, 2021

74 වැනි නිදහස් දිනය 2022 පෙබරවාරි 4 පැවැත්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඇමතිගේ නව යෝජනාව

එහිදී නව යෝජනාවක් ඉදිරිපත් වුණා.

ඒ සම්ප්‍රදායිකව මල් මාලා පළඳවා උත්තමාචාර දක්වන නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට අමතරව තවත් පිළිරුවකට පුෂ්පෝහාර දැක්වීමට.

එම යෝජනාව ඒ සාකච්ඡාවේදී ගෙන ආවේ වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා.

සැබෑ නිදහස සැමරීම

ඔහු යෝජනා කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවටත් එදිනට මල් මාලා පැළඳවිය යුතු බවයි.

ඊට හේතුවද නානයක්කාර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

'1956 පෙරළියෙන් පසු තමයි නියම නිදහස ලැබුනේ. ඒ නිසා සේනානායකට විතරක් නෙමෙයි බණ්ඩාරනායක මහතාටත් මල් මාලාවක් දැමිය යුතුයි."

ඇමතිවරයාගේ එම අදහසට සියලු දෙනාගේ එකගත්වය පළ වුණේ ප්‍රශ්නයකුත් මතු කරමින්.

පිළිරුවේ ප්‍රශ්නය

ඒ ඒ සඳහා බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක් සොයා ගැනීම සම්බන්ධයෙන්.

ඊටද නානයක්කාර ඇමතිවරයා විසඳුමක් ලබා දුන්නා.

"අපි පිළිරුවක් තියන තැනකට ගිහිල්ලා හරි මල් මාලාව දාමු."

Rate this item
(0 votes)
Last modified on Friday, 10 December 2021 13:02