April 28, 2024

එදා හිනා වුන මංගලගේ මිල සූත්‍රයේ වටිනාකම දැන් තේරෙනවා: ඇමති ප්‍රසිද්ධියේම කියයි

December 22, 2021

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන්නේ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතායි.

ඒ ඔහු මුදල් ඇමති ලෙස කටයුතු කරද්දි.

හාස්‍යයට ලක් කිරීම

ඔහු හඳුන්වා දුන් එම මිල සූත්‍රයට අද ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් බරපතළ විවේචන එල්ල කළා.

ඒ එවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස.

වර්තමානයේ අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතා එදා විපක්ෂයේ සිටිද්දී යම් යම් පුවරුද ප්‍රදර්ශනය කරමින් එය හෑල්ලුවට ලක් කළා.

මිල සුත්‍රයේ ඇති වටිනාකම

එහෙත් යළිත් වතාවක් තෙල් මිල මිළ වැඩි කිරීමත් සමග ජනමාධ්‍ය ඇමතිවරයා මෙන්ම සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා මංගල සමරවීර අමාත්‍යවරයාගේ එම මිල සූත්‍රය ප්‍රසිද්ධියේම දැඩි ඇගයීමකට කිරීම ලක් කිරීම විශේෂත්වයක්.

මංගල සමරවීර මහතාගේ මිල සූත්‍රයේ වටිනාකම දැන් තේරෙන බවයි අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ.

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් තිබීම සෑම පාර්ශ්වයකටම වාසිදායක බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අලහප්පෙරුම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවකදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 09:59