March 29, 2024

ලොකුගේ ඩලස්ටත් රිදෙන්නම දෙයි: ඒක එයාගේ මතය - මේක මගේ මතය

September 28, 2021

විදුලිබල ඇමති ඇමැති ගාමිණී ලොකුගේ මහතා හිටපු විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාටද ප්‍රසිද්ධියේම ප්‍රහාරයක් එල්ල කළා.

ඒ ස්වර්ණවාහිනී රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

හිටපු ඇමතිගේ මතය

එල්.එන්.ජී විදුලි බල ඒකාධිකාරිය එක් සමාගමකට දිය යුතු නැති බව හිටපු විදුලිබල ඇමතිවරයා වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙන බව එම වැඩ සටහනේ ප්‍රශ්න අසන්නන් සඳහන් කළා.

හිටපු අමාත්‍යවරයා මේ බව පළ කර තිබුණේ කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේ දී බව පෙන්වා දුන් ප්‍රශ්න අසන්නන් ඒ ගැන ලොකුගේ අමාත්‍යවරයාගේ මතය කුමක්දැයි විමසුවා.

ඒක ඔහුගේ මතය

එහිදී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේ ඒක හිටපු අමාත්‍යවරයාගේ මතය බවයි.

ඒත් තමන් එම මතය පිළි නොගන්නා බවත් තමන්ගේ මතය වන්නේ එල්.එන්.ජී විදුලි සැපයුම ඇමෙරිකානු සමාගමකට පමණක් ලබාදීමට ගත් තීන්දුව ඉතා හොඳ එකක් බවයි සඳහන් කරන්නේ.

ලොකුගේ අමාත්‍යවරයා මෙම මතභේදාත්මක අදහස් පළ කළේ යුගදනව් බලාගාරයේ 40% ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සාධාරණීය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.

                                                                                                                                                                                                                                                                                                                                                                     

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 18:44