May 12, 2024

තෙල් මිල ඉහළ යෑමේ බෝලේ එහෙට මෙහෙට

December 22, 2021

ඛනිජ තෙල් මිල ගණන් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ දැම්මා.

එම ඉහළ දැමීම කරන ලද්දේ වැඩ බලන මුදල් ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බවටයි ප්‍රකාශ වන්නේ.

වගකීම එකිනෙකාට

එහෙත් එහි වගකීම විවිධ පාර්ශවයන්ට බැර කිරීමේ උත්සාහයක නියැලෙන බව "ද මෝනිං" පුවත්පත වාර්තා කර තිබෙනවා.

තෙල් මිල ගණන් ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී.ආර් ඔල්ගා මහත්මියගේ ඉල්ලීමකට අනුව කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) ප්‍රකාශ කළ බව එම පුවත්පත වාර්තා කරනවා.

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණය කරන්නේ මුදල් හා බලශක්ති අමාත්‍යාංශ අතර සිදුවන සාකච්ඡාවකින් අනතුරුව බවද ඔහු පෙන්වා දෙනවා.

බලශක්ති ලේකම්ගේ හෙලිදරව්ව

එහෙත් ඒ සම්බන්ධයෙන් එම පුවත්පත ඔල්ගා මහත්මියගෙන් විමසීමක් කර ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ තෙල් මිල ගණන් ඉහළ වන බව තමා දන්නෙත් තෙල් මිල වැඩි කිරීමට පැය එකහමාරකට පෙර එනම් රාත්‍රී 10:30 ට බවයි.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම එහෙට මෙහෙට හුවමාරු වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන් තොරතුරු විමසීමට එම පුවත්පත උත්සාහ ගෙන තිබුණද එය අසාර්ථක වී තිබෙන්නේ ආටිගල මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 09:56