April 19, 2024

ඉන්ධන පෝලිම කිලෝමීටර් 2ක් දුරට - රියදුරන් අතර උණුසුම් තත්වයක්

February 23, 2022

රට පුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට පෙට්රල් හිඟයක් ද ඇතිවී තිබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල පෙට්රල් තොග අවසන් බවට දැන්වීම් ද ප්‍රදර්ශනය කරමින් තිබෙනවා.

ඉන්ධන පිරවුම් හල්වල පෙට‍්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැකිය හැකියි.

මේ අතර  ඩීසල් ලබා ගැනීම සඳහා නුවරඑළියේ ඉන්ධන පිරවුම් හල් අවට කිලෝමීටර් දෙකක පමණ දුරට වාහන පෝලිම් දක්නට ලැබුණු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා

ඔවුන් සියලුදෙනාටම ප්‍රමාණවත් පරිදි ඉන්ධන හලේ ඩිසල් නොතිබුණු අතර වාහන සිය ගණනකට ඩිසල් නොලැබුණු බව වාර්තා වෙනවා.

මෙම හේතුව නිසා ඉන්ධන හලේ සේවකයින් හා රියදුරන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය ප්‍රදේශයට පිටතින් විදේශීය සංචාරකයින් රැගෙන පැමිණි වාහන ද ඩිසල් පෝලිම් වල රැඳී සිට තිබෙනවා.

එහි රැඳී සිටි වාහනවලින් සමහරක් වාහන සඳහා ඩීසල් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර නුවරඑළියේ සිට එළවළු ප්‍රවාහන කරන වෙළෙන්දන් පවා දැඩි අපහසුතාවයකට පත් ව සිටි බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ අතර ඩීසල් ලබා ගැනීම සඳහා දඹුල්ල නගරයේ ද අද (23) උදෑසන සිටම දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බව ඒෂියන් මිරර් දඹුල්ල වාර්තාකරු සඳහන් කළා.

පැය ගණනක් ඇතැම් වාහන හිමියන් පෝලිමේ සිට අවසානයේදී ඉන්ධන නොමැති වීම නිසා දැඩි අසීරුතාවයකට පත් වූ බවද ඇතැම් වාහන හිමියෝ පවසනවා.

රථ වාහන පාලනය සඳහා දඹුල්ල පොලීසියේ රථවාහන නිලධාරීන් ද යොදවා තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

ඇතැම් වාහන හිමියන් ඩීසල් මිලදී ගැනීමට භාජන රැගෙන පැමිණ සිටියේ ඔවුන්ගේ වාහන අතරමග නැවතීම හේතුවෙන් බව ඔවුන් පවසා සිටියා.

එමෙන්ම මේ දිනවල ගොයම් කැපීමේ කටයුතුවල නිරත වන නිසා ගොයම් මඩින යන්ත්‍ර හිමියන් වෙනත් වාහන වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා භාජන රැගෙන පෝලිම් වල සිටිනු දැක ගැනීමට හැකි වීමද විශේෂත්වයක්.

පෝලිම් වල සිටින බොහෝ රියදුරන් සහ පෝලිම් වල තිබුණු වාහන අතර රජයේ වාහන රැසක් ද ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටින ආකාරයද දැක ගැනීමට හැකි වුණා.

පෝලිම් වල ඉන්ධන ලබා ගැනීම සඳහා සිටි බොහෝ දෙනෙකු වර්තමාන රජයට එමෙන්ම මෙරට වසර ගණනාවක් පාලනය කළ පාලකයන්ට ද දොස් නගමින්  පෝලිමේ රැඳී සිටීම විශේෂත්වයක් වුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 19:43