May 04, 2024

ගෑස් මදිවට පොහොර කෑනුත් පුපුරයි (VIDEO)

December 09, 2021

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිය ගොවි සංවිධානයට දියර පොහොර කෑන් 200ක් පමණ ලබා දුන් බවත් මේ වනවිටත් ඉන් කෑන් 100ක් පමණ පුපුරා ගොස් දියර පොහොර අපතේ යන බවත් හොරොව්පොතාන ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසනවා.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, මෙලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිය ගොවි සංවිධානයට ලබා දුන් කාබනික දියර පොහොර තමන් භාවිත කරන පොහොර ඉසින යන්ත්‍ර හරහා ඉසීමට නොහැකි බවයි.

එම කාබනික දියර පොහොරවල ඇති කුඩා බිඳිති හේතුවෙන් සිය පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන අතර ඒවා යන්ත්‍ර තුළ සිරවීමෙන් පසු නිසි ආකාරයට විසිරණය නොවන බවටත් ඔවුන් චෝදනා කරනවා.

ඔවුන් නඟන තවත් එක් චෝදනාවක් වන්නේ, මෙම දියර පොහොර වගාවන්ට යෙදීමේ දී සමේ ආසාදන හට ගන්නා බවයි.

එමෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවා මෙම පොහොර සම්බන්ධයෙන් තවමත් නිසි අදහසක් නැති බව ද ඔවුන් පවසනවා.

Rate this item
(0 votes)