April 25, 2024

කාබනික පෙරළිය හමුදාපති යටතට - ඇමැති මහින්දාන්නද මාධ්‍ය දැක පැනයයි (VIDEO)

December 09, 2021

හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඊයේ දින කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද සහභාගී වී සිටියා.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කළ කරමින්, 

කෘෂිකර්ම අමාත්‍යංශය සහ යුධ හමුදාව එකතු වෙලා ලබන කන්නයේදී කාබනික වගාව ප්‍රවර්ධනය කරන ආකාරය සහ විශේෂයෙන්ම කාබනික ඝන පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ජාවක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා යුධ හමුදාවේ සහ අනෙකුත් නාවික සහ ගුවන් හමුදාව එක්ක සියලුදෙනාම එකාබද්ධව මේ වැඩපිළිවෙල සාර්ථක කර ගන්න. මේක කෘෂිකර්ම අමාත්‍යංශය තනිවම කල යුතු දෙයක් නෙවෙයි. තනියම කරන්න ගියොත් මේක වරදිනවා. මොකද මේක දැවැන්ත වැඩපිළිවෙලක්. අපි යුධ හමුදාව විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක් එක්ක එකතු වෙන්න ලෑස්තියි."

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට පිළිතුරු නොදී පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබුණා.

Rate this item
(0 votes)