May 17, 2024

(EXCLUSIVE) රජයේ ලොක්කෙක් තනතුරෙන් දොට්ට! දේශපාලන බලපෑමෙන් යට ගැසූ පරීක්ෂණ වාර්තා එලියට Featured

February 24, 2022

මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ හිටපු සාමාන්‍යධිකාරීවරයෙකු කාර්යාලයේ තිබූ අත්‍යවශ්‍ය ලිපිගොනු තොගයක් සේවකයන් යොදවා ගෙන ගිනි තබා විනාශ කිරීමේ චෝදනාවට වැරදිකරු බවට පත්ව ඔහු එම් තනතුරෙන් පහ කරන ලෙස ත්‍රිපුද්ගල විශ්ව සභාවක් මගින් තීරණය කර ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

පසුගිය 2019 වසරේ ‍මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ හිටපු සාමාන්‍ය අධිකාරි අනුරුද්ධ ගල්පොත්තේගෙදර මහතා විසින් ඉතා සූක්ෂම ලෙස මෙම වටිනා ලිපි ගොනු වාහන තුනකින් සේවකයන් යොදවා රැගෙන ගොස් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබෙනවා.

එහිදී ත්‍රි පුද්ගල විනිශ්චය සභාවක් පත්කොට වසරකට වැඩි කාලයක් එහි විනය පරීක්ෂණයක් පවත්වා මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

නිලධාරීන්ට දේශපාලන බලපෑම්

ත්‍රිපුද්ගල විනිශ්චය සභාව මගින් ලබාදුන් තීන්දුව සහ එහි අභ්‍යන්තර පරීක්ෂණ වාර්තා කිසිවක් පළාත් ප්‍රවාහන අධිකාරියේ සේවකයන් හට මෙන්ම පිට කිසිවෙකු අතට පත් නොවීමට එහි ඇතැම් නිලධාරීන් දේශපාලන බලපෑම් මත කටයුතු කර තිබූ බව වාර්තා වනවා.

පසුව තොරතුරු දැනගැනීමේ පනත අනුව ත්‍රි පුද්ගල විනිශ්චය සභා වාර්තාව ලබා ගැනීම නිසා එම තීන්දුව මහජනතාවට දැනගැනීමට හැකිවී තිබෙනවා.

මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ හිටපු සාමාන්‍යධිකාරි අනුරුද්ධ ගල්පොත්තේගෙදර මහතා විසින් සිදුකරන ලද වැරදි හයක් ත්‍රි පුද්ගල විනිශ්චය සභාවට ඉදිරිපත් කරමින් එහි සභාපතිවරයා බලතල අනුව ත්‍රි පුද්ගල විනිශ්චය සභාවක් මේ සඳහා පත් කොට තිබුණා.

ත්‍රි පුද්ගල විනිශ්චය සභාවක්

ඒ අනුව නීතිඥ පි.ටි.ජි. ගුණතිලක විනය පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, ආර්.ඒ. විජේතිලක මහතා සාමාජිකයෙකු ලෙස නීතිඥ ඩී.ඒ.වී.ආර් නානායක්කාර මහතා සාමාජිකයෙකු ලෙස පත්කොට තිබුණා.

පසුගිය වසරේ පෙබරවාරි 22 දින සිට මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කොට මෙම වසරේ ජනවාරි 25 වන දින මෙහි තීන්දුව ලබාදී තිබුණා.

සාමාන්‍යාධිකාරිවරයාට එල්ල කර තිබූ චෝදනා හයෙන් පහකට වැරදිකරු ලෙස ඒකමතිකව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව තීරණය කොට ඇතැයි පරීක්ෂණ වාර්තාවේ සහතික පිටපත් වල සඳහන්.

වරදකරු වෙයි

තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ලිඛිතව සඳහන් කොට ඇත්තේ චුදිත නිලධාරීයා මධ්‍යම පලාත් ප්‍රවාහන අධිකාරියේ අංක 595 දිගන පාර කුණ්ඩසාලේ ප්‍රධාන සාමාන්‍යධිකාරි වශයෙන් සේවය කරමින් සිටියදී   ප්‍රවාහන සේවා අධිකාරියට අයත් ලිපිලේඛන දේපල හිතාමතාම හෝ නොසැලකිලිමත්කම ලෙස විනාශ වීමට ඉඩ හැරීමෙන් ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ රජයේ නිලධාරින් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධ පළමු උප ලේඛන සඳහන් අංක 8 සහ අංක නමය යටතේ ගැනෙන වරදක් සිදුකර ඇති බව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ඒකමතිකව තීරණය කරන බව එහි සදහන් කර තිබෙනවා.

එමෙන්ම ත්‍රිපුද්ගල සභාවේ තීරණය බවට පත්ව ඇත්තේ ආයතන සංග්‍රහයේ රෙගුලාසි යටතේ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය වත්කම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබී ඇත්තේ එහි එවකට සාමාන්‍යධිකාරී චූදිත අනුරුද්ධ ගල්පොත්තගෙදර මහතාට බවයි.

ඒ අනුව නිර්දේශ කරන දඬුවම්ක් වන්නේ 2019 03.19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි චූදිත නිලධාරී අනුරුද්ධ ගල්පොත්තගෙදර මහතා සේවයෙන් පහ කිරීම බව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ලිඛිතව මධ්‍යම පලාත් ප්‍රවාහන අධිකාරියට දැනුම් දී තිබෙනවා.

චෝදනා 5ක්

මෙම තීන්දුව ලබාදීම සඳහා පුද්ගලයන් 24 දෙනෙකුගෙන් ලිඛිත හා වාචික ප්‍රකාශ සටහන් කර ගෙන තිබීමද විශේෂත්වයක්. 

තොරතුරු දැනගැනීමේ පනත හරහා ලැබුණු තීන්දු ලිපිගොනුව පරිශීලනයේදී ඒ බව දැනගැනීමට හැකි විය.

හිටපු සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පහක්. පළමු චෝදනාව නොසැලකිල්ල සහ අනිසි හැසිරීම, දෙවන චෝදනාව රාජකාරි පැහැර හැරීම් සහ අවිනය, තුන් වන චෝදනාව අණට කීකරු වීම නිත්‍යානුකූල නියෝග පිළිපැදීම පැහැර හැරීම්, 4 වන චෝදනාව අණට කීකරු වීම, පස්වන චෝදනාව ප්‍රවාහන සේවා අධිකාරියට අයත් ලිපි ලේඛන දේපල හිතාමතාම හෝ නොසැලකිලිමත් ලෙස විනාශ වීමට ඉඩ හැරීම වෙයි.

මුදල් වංචා රැසක් යට යයි

අධිකාරීය සතුව තිබූ ඉතා වටිනා ගෙවීම් ලේඛන ලිපිගොනු රිසිට් පත් ආදී වටිනා ලිපි ලේඛන වාහන තුනකින් සේවකයන් යොදවා ගෙන මහනුවර ප්‍රදේශයේම රජයේ ඉඩම්කට රැගෙන ගොස් ගිනි තබා විනාශ කිරීම් හේතුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සේවකයන්ට බලපෑම් එල්ලවී ඇති බව එහි සේවකයින් පෙන්වා දෙනවා.

ඉතා සූක්ෂම ලෙස කණ්ඩායම් එකතුවී සිදුකොට කොට තිබූ මහා මුදල් වංචා රැසක් අනාවරණය කර ගැනීමට, විගණනය කරගැනීමට නොහැකි වී ඇති බව එහි සේවකයින් සඳහන් කරනවා. 

එහි පාඩුව මිලකල නොහැකි මහා අපරාධයක් බවත් මධ්‍යම පලාත තුල මෙවැනි මහා අපරාධයක් මෙතෙක් කාලයක් සිදු වී නැති බව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා. 

එම ත්‍රිපුද්ගල විනිශ්චය සභා වාර්තාව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 February 2022 11:32