April 27, 2024

ලක්වැසියන්ට ජපන් යන්න වරම්! රැකියා සඳහා ලියාපදිංචි වන්න

September 22, 2021

ශ්‍රී ලංකා රජය සහ ජපන් රජය අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙරට තරුණ තරුණියනට ජපානයේ රැකියා අවස්ථා ලබා දීම සඳහා කුසලතා පරික්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

විශේෂ නිපුණතා සහිත තරුණ තරුණියන් සඳහා හෙද සාත්තු සේවා සහ ආහාර සේවා කර්මාන්තයට අදාළ රැකියා වෙනුවෙන් මෙම කුසලතා පිරීක්ෂණ පවත්වන බවද කාර්යාංශය ප්‍රකාශ කරනවා.

කුසලතා පරීක්ෂණ තව මාස 4කින්

2022 ජනවාරි සහ පෙබරවාරි යන මාසවල කුසලතා පරීක්ෂණ පැවැත්වෙනවා.

පරිගණක පදනම්ව බහුවරණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයිය යුතු අතර ජපන් භාෂා විභාගයක් සහ වෘත්තිය කුසලතා පරීක්ෂණයක්ද පැවැත්වෙනවා.

ලියාපදිංචි වන්න

විභාග මධ්‍යස්ථාන සහ අයැදුම්පත් කැඳවන දිනය පසුව දැනුම් දෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

විභාගය සඳහා වැඩි විස්තර www.slbfe.lk හි SSW ද්වාරය මගින් ලබා ගත හැකි බවද SSW ද්වාරය (portal)) මගින් ලියාපදිංචි වන ලෙසද කාර්යාංශය දැනුම් දෙනවා.

පාඨමාලා හඳුන්වා දීමේ ආරම්භක වැඩසටහන මෙම 24 වැනිදා පවත්වන බවද කාර්යාංශය සඳහන් කරනවා.

Rate this item
(1 Vote)