April 19, 2024

ඩොලර් මාරු කරන ආයතන වලට මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට මහ බැංකුව දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී තිබෙනවා.

පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) පැවති රැස්වීමේදී මෙම තීරණ ගෙන තිබෙනවා.

එලෙස ගෙන ඇති තීරණ පහතින්,
 
(අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය  පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීම; 

(ආ) ඉන්ධන මිලදී ගැනීම් සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යනය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීම;

(ඇ) ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්යය කිරීම; 

(ඈ) “විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශ ප්‍රේෂණ සඳහා එ. ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00ක් වන දිරි දීමනාවට අමතරව ලබා දුන් එ. ජ. ඩොලරයට රුපියල් 8.00ක් වූ අමතර දිරි දීමනාව 2022 අප්‍රේල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීම, 2022 පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කිරීමේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයකරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1,000 බැගින් ප්‍රතිපූරණය කිරීම සහ විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතික හඳුන්වා දීම.
 

Rate this item
(0 votes)