April 27, 2024

ලංකා බැංකුවේ නවතම සේවාවක් වන "BOC Fuel Card" එළි දකී

මෙරට අංක 01 බැංකුව, ලංකා බැංකුව (BOC), 'Master Card International' සමඟ එක්‌ වෙමින්, හදුන්වා දෙන නවතම නිපැයුමක් වන 'BOC Fuel Card' නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා අති සාර්ථකව සිදු කෙරුණි. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව ලෙස පුරා වසර 82ක් ලංකා බැංකුව ගොඩනගා ගැනීමට සමත් වී ඇති ජනතා විශ්වසනීයත්වය, පුළුල් ශාඛා ජාලය සහ අසමසම ගනුදෙනුකාර සබඳතා ජාලය සමඟ, ඩිජිටල්කරණය තුලින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා වන රජයේ සැලැස්මකට සහයෝගය ලබා දීම ද මෙහිදී අරුමුණු කෙරිණි.

BOC Fuel කාඩ්පත ගනුදෙනුකරුවන්ට සිය ඉන්ධන වියදම් කලමනාරණය කර ගැනීම සඳහා ලංකා බැංකුව මඟින් හදුන්වා දී ඇති ප්‍රායෝගික සහ පහසු විසදුමකි. සිය ගනුදෙනුකරුන්ගේ පහසුව ඉලක්ක කරගත් BOC Fuel Card සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත වේ.

එහිදී නිසි කළමනාකරණයකින් යුතුව සිය ඉන්ධන වියදම් පවත්වා ගැනීමට හැකි වීම ආයතනික හා පෞද්ගලික ගනුදෙනුකරුවන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි.

පෙරගෙවුම් කාඩ්පතක් වන BOC Fuel Card ඕනෑම මට්ටමක ආයතනික හෝ පෞද්ගලික ගනුදෙනුකරුවෙකුට, අවශ්‍ය ප්‍රමාණයකින් ලබා ගත හැකි වීම ද විශේෂිතය. 

BOC Fuel Card ලබා ගැනීමට අවශ්‍ය වන්නේ අවම තොරතුරු ප්‍රමාණයක් වන අතර ඉතා කාර්යක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ ක්ෂණිකව මෙම කාඩ්පත ලබා දීමට ලංකා බැංකුව කටයුතු කිරීම ද විශේෂයෙන්ම සඳහන් කල යුතු කරුණකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 11:50