April 25, 2024

තෙල් ණය හිලව් වෙන්න තේ : ජනවාරියේ සිට වැඩ පිළිවෙළක්

December 24, 2021

මෙරට තෙල් ගෙන්වීම දිනෙන් දිනම බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙන්නේ.

ඒ ඩොලර් හිඟකම මත.

තෙල් ණය ගෙවීම

ඒ හැරුණු කොට ඇතැම් රටවලට තෙල් සඳහා ගෙවිය යුතු ණය මුදල් ගෙවා නොමැති කම නිසාත් තෙල් ලබා ගැනීම අසීරු වී තිබෙනවා.

ඉරානයේ එවැනි එක් රටක්.

ඉරානයට තෙල් ලබා ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 251 ක් (රු. මිලියන 50,000 පමණ) ණය මුදලක් ශ්‍රී ලංකා විසින් ගෙවිය යුතුව තිබෙනවා.

එම ණය මුදල වසර හතරක් පුරා ගෙවා නැහැ.

තේ ඇමතිගේ යෝජනාව

ඒ සඳහා මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ ඒ ණය මුදල කියවීම සඳහා ඉරානයට තේ ලබාදීමට.

ඒ අනුව එළඹෙන 2022 වසරේ ජනවාරි සිට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක (රු. මිලියන 1000) තේ යැවීමට පතිරණ ඇමතිවරයා බලාපොරොත්තු වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:17