April 19, 2024

ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්

ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කෙරේ. Lighting Digital Capacity Building Drive ලෙස නම්කර ඇති මෙම වැඩපිළිවල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත්කෙරින. පුළුල් වැඩපිළිවලක් මගින් රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි.

මෙයට සමගාමීව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය අංශය සහ පුරවැසියන්ගේ ඩිජිටල් භාවිතාව  පුළුල් ලෙස වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් දියත්කර තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සුහුරු (smart) ජාතියක් ගොඩනැගීමේ ජාතික දැක්මට අනුකූලව, රාජ්‍ය අංශය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇතිකිරීම තුලින්  ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ  දැක්මෙන් කටයුතු කරයි.  මෙමගින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීමත්, තාක්ෂනය පදනම් සමාජයකට උචිත ශ්‍රම බලකායක් බිහිකිරීමත් ඒ සදහා සුහුරු SMART අධ්‍යාපනය ක්‍රමයක් ස්ථාපිත කිරීමත් සහ ඩිජිටල් සමාජයක ප්‍රතිලාභ ලබා ගැනීමට පුරවැසියන් සවිබල ගැන්වීමත් අපේක්ශා කෙරේ. Lighting Digital Capacity Drive වැඩසටහන තුලින් ඒ සදහා කැපවූ සම්පත් දායකයින් හා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාර ආයතන වෙත උපහාර දැක්වීම මෙහිදී සිදු විය.

මෙහිදී අධ්‍යාපන සම්බන්ද ක්‍රියාවලියේදී  ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රධාන සැලසුම්, උසස් අධ්‍යාපනය සඳහා පරිවර්තන වැඩසටහනක්, ඩිජිටල් අධ්‍යාපනය සඳහා කර්මාන්ත සමඟ අන්තර් ක්‍රියාකාරී ජාලයක් ස්ථාපිත කෙරින. එමෙන්ම ජාතික නිපුණතා රාමුවක් සහ වේදිකාවක් වැනි බලපෑම්කාරී මුල පිරීම් කිහිපයක් ද ආරම්භ කර ඇත.                                                                                                                  

ඒ හා සමගාමිව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ICTA  විසින්  හැකියාවන් වර්ධනය කිරීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇති අතර එමගින් සෑම තරාතිරමකම ශ්‍රම බලකාය සවිබල ගන්වනු ලැබේ.   

Rate this item
(0 votes)