May 07, 2024

වසංගත නීති කඩන්නන්ට ජපානය දෙන්න යන අමතක නොවන දඬුවම

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජපානය විසින් පනවා ඇති නීති උල්ලංඝනය කරන්නන් තිදෙනෙකුගේ නම් ප්‍රසිද්ධ කිරීමට ජපානය පියවර අරගෙන තිබෙනවා.

මීට පෙර කිසිදු රටක මෙවැනි කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ගේ නම් හෝ ඡායාරූප විශේෂ අවස්ථාවකදී ප්‍රසිද්ධියට පත් නොකළ අතර ජපානය විසින් දැන් එම පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස කොරෝනා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් තිදෙනා විදේශ රටක සිට නැවත ජපානය වෙත පැමිණ ඇති බවත්, ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බලධාරින් මඟ හැර සිටි බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම තිදෙනාගේ නම් සහ රැකියා ස්ථානයන් පිළිබඳව තොරතුරු ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බවටයි සඳහන් වන්නේ.

ජපානය විසින් ඉල්ලා සිටින්නේ සියලුම විදේශයන්ගේ සිට පැමිණෙන සංචාරකයින් සහ තම රටේ පුරවැසියන්ට සති දෙකක් ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙසයි.

එම කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ස්මාර්ට් දුරකථන යෙදුමක් ද හඳුන්වා දී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 08:30