May 02, 2024

ජර්මනිය වැනසූ මහා ගංවතුර - දහසකට වැඩි පිරිසක් අතුරුදහන්!

ඉතිහාසය තුළ බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ජර්මනිය මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

බටහිර ජර්මනියට සහ බෙල්ජියමට මෙම ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් 120ක් පමණ මිය ගොස් ඇති බවට වාර්තා වෙනවා.

එමෙන්ම රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ බටහිර ජර්මනියේ සහ බෙල්ජියමේ පුද්ගලයින් 1000කට වඩා වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බවයි.

රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය තබා තිබූ ට්විටර් සටහන

එමෙන්ම බෙල්ජියම සහ ජර්මානු දේශසීමාවේ පවතින වේල්ලද මේ වන විටත් වසා දමා තිබෙනවා. මෙම ගංවතුර තත්ත්වය බෙල්ජියමටද බලපෑ ඇති අතර එහිදී පුද්ගලයින් 20ක් පමණ මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ගංවතුර නිසා විනාශයට පත්ව ඇති ප්‍රදේශ සමඟ ඇති සන්නිවේදන බිඳ වැටී ඇති බැවින් එහි තත්ත්වය පිළිබඳව සොයා බැලීමත් අර්බුදයක් බවට පත්වෙලා.

වසර 60කට පසුව ජර්මනියට බලපෑ විශාලතම ස්භාවික විපත මෙය වන බවයි සඳහන් වන්නේ. ජර්මනිය තුළ පමණක් මේ වන විට පුද්ගලයින් 103ක් මිය ගිහින්.

Rate this item
(3 votes)

Related items