April 27, 2024

ලෝකයම කැළඹූ එඩ්වඩ් ස්නෝව්ඩන්ගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

යුරෝපීය දේශපාලනඥයන්ගේ සහ නියෝජිතයන්ගේ ඔත්තු බැලීම සඳහා එක්සත් ජනපද ජාතික බුද්ධි ඒජන්සිය විසින් ඩෙන්මාර්ක් රාජ්‍යයේ සහාය ලබාගත් බවට නවතම වාර්තාවක් මේ වන විට නිකුත් වී තිබේ.

යුරෝපය තුළ බලවත් රාජ්‍ය නායකයින් වන ඇන්ජෙලා මර්කල්, ෆ්‍රෑන්ක් වෝල්ටර්-ස්ටයින්මියර් වැනි නායකයන්ගේ පවා බුද්ධි තොරතුරු මෙලෙස ඩෙන්මාර්ක් ආරක්ෂක බුද්ධි සේවයේ සහයෝගයද ඇතිව  එක්සත් ජනපද ජාතික බුද්ධි ඒජන්සිය විසින් එකතු කර ඇති බව මෙම වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

ඩෙන්මාර්කයේ රාජ්‍ය ගුවන් විදුලි විකාශක ඩී.ආර්., ජර්මානු එන්.ඩී.ආර්., ස්වීඩන් එස්.වී.ටී., නෝර්වීජියානු එන්.ආර්.කේ සහ ප්‍රංශ “ලා මොන්ඩේ” ඇතුළු යුරෝපීය ප්‍රවෘත්ති ආයතන ගණනාවක් එක්ව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.

මෙම වාර්තාව අනුව ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය, ප්‍රංශය සහ ඩෙන්මාර්ක් තුළද සිටින දේශපාලනඥයින් සහ ආර්ථික බලවතුන් පිළිබඳවද මෙම බුද්ධි සේවා දෙක එක්ව තොරතුරු රැස් කර ඇති බව සඳහන් වෙයි.

ඩෙන්මාර්ක් රජය මේ සම්බන්ධව කරන ලද විමර්ශනයක් අනුව 2020 වසරේ දී ඩෙන්මාර්ක් ආරක්ෂක බුද්ධි සේවයේ ප්‍රධානියා හට ඉල්ලා අස්වෙන ලෙස බලකර තිබූ බව සඳහන්. නමුත් මෙලෙස රැස්කර ගත් තොරතුරු මොනවාද යන්න පිළිබඳව යුරෝපයේ වෙනත් කිසිදු ඔත්තු සේවයකට අනාවරණය කර ගැනීමට හෝ එලෙස බුද්ධි තොරතුරු රැස්කර ගත්තා යන්න පිළිබඳවත් සොයා ගැනීමට නොහැකිව තිබේ.

මෙම බුද්ධි තොරතුරු රැස් කරගැනීම සඳහා ඩෙන්මාර්කයේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන පද්ධති උපයෝගී කරගෙන ඇත. 

ඒ අනුව ඩෙන්මාර්ක්වල ඇති ජර්මන් සහ ස්වීඩනය වැනි රටවල් අතර ගමන් කරන උප අන්තර්ජාල කේබල් යොදාගනිමින් යුරෝපීය දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩවල ඇති දත්ත රැස්කර ගැනීමට සමත්ව තිබේ.

මෙම පුවත් ආයතනයන් එක්ව හෙළි කර කරුණු ගැන ලෝකයේ රහසිගතව වූ බුද්ධි අංශ වාර්තාවන් බොහෝමයක් පිළිබඳව හෙළිදරව් කළ එඩ්වර්ඩ් ස්නෝව්ඩන් ද කරුණු හෙළිදරව් කිරීමක් කර තිබේ.

එහිදී ස්නෝව්ඩන් කියා තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරයා යුරෝපයේ සංචාරය කිරීමට පෙර මෙම සිදුවීමට අදාළව පිළිතුරු දීමට හොඳින් සුදානම් විය යුතු බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙම රහස් බුද්ධි තොරතුරු රැස් කිරීමට දැඩිව සම්බන්ධව සිටි බවයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් පමණක් නොව එයට හවුල්කාර අනිකුත් පාර්ශවයන් විසින් ද මෙයට පිළිතුරු ලබාදීම සඳහා ඉදිරිපත් විය යුතු බවද  එඩ්වර්ඩ් ස්නෝව්ඩන් විසින් සඳහන් කර තිබේ.

2013 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ගේ පමණක් නොව ලෝක රාජ්‍ය නායකයන්ගේ පවා බුද්ධි තොරතුරු රැස්කර ගත් බවට චෝදනා එල්ල වී තිබුණි.

Rate this item
(6 votes)
Last modified on Monday, 31 May 2021 16:38