April 19, 2024

ඇන්ජෙලාගේ පක්ෂය ජනතාව ප්‍රතික්ෂේප කරයි? ජර්මනියට නව පාලනයක්

September 27, 2021

ජර්මනියේ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) මැතිවරණ ජයග්‍රහණය කරා යමින් සිටින අතර, සේවා කාලය අවසන් කරමින් ඉවත්ව යන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ගේ පක්ෂය සඳහා අපේක්‍ෂිත ප්‍රතිඵල බිඳ වැටෙමින් තිබෙනවා.

මර්කල්ගේ අනුප්‍රාප්තිකයා වන ආමින් ලස්කට් තවමත් රජයක් පිහිටුවීමට පොරොන්දු වන නමුත් ඔහුගේ සීඩීයූ පක්ෂය ඉතිහාසයේ නරකම බිඳ වැටීමකට පක්ව තිබෙනවා.

එස්පීඩී දැනට සුළු පරතරයකින් ඉදිරියෙන් සිටින නමුත් ප්‍රතිඵල තවමත් අවසන් වී නැහැ.

ඔවුන්ගේ නායක ඔලාෆ් ෂොල්ස් පවසන්නේ තම පක්ෂයට ජර්මනිය පාලනය කිරීමට පැහැදිලි වරමක් ඇති බවයි.

ඡන්ද විමසීම් මඟින් දැඩි උණුසුමක් අනාවැකි පළ කළ නමුත් මෙම මැතිවරණය ආරම්භයේ සිටම අනපේක්ෂිත වූ අතර ප්‍රතිඵලය කිසි විටෙකත් කතාවේ අවසානය නොවනු ඇති බවයි විදෙස් විචාරකයන් පවසන්නේ.ෙ

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 08:30