May 02, 2024

ජර්මනිය ඇෆ්ගනිස්ථානයේ සිටින අවසන් යුද භටයාත් ඉවත් කරගනී

2002 වසරේ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් ආරම්භ කළ ජර්මනිය සිය අවසන් යුද භටයාත් නැවත ජර්මනිය වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිතරව සිටින 500 දෙනෙකුගෙන් යුතු ජර්මානු යුද සෙබළු කණ්ඩායම නැවත ජර්මනිය බලාපිටත්ව ඇති බවට එරට ආරක්ෂක ඇමතිවරයා කියා සිටියා.

මීට පෙර ඇමෙරිකාව විසින් ද සිය හමුදා කාණ්ඩයම් නැවත ඇමෙරිකාව වෙත කැඳවීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක අංශයන් පවසා සිටින්නේ මෙම හමුදා කණ්ඩායම් ඉවත් වීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව පිරිහෙමින් පවතින බවයි.

Rate this item
(0 votes)