April 20, 2024

ඇෆ්ගන් තලේබාන් පාලනය රැවුලටත් අත තියයි

September 27, 2021

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය කරණවෑමියන්ටද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ පිරිමින්ගේ රැවුල නොකපන ලෙසට හා විවිධ මෝස්තර නොදමන ලෙසට.

දැඩි දඩුවම්

එම නීතිය කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් විඳීමට සිදුවන බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

එම නීතිය මේ වෙනවිට හෙල්මඩ් ප්‍රාන්තයේ තදින්ම ක්‍රියාත්මක වනවා.

ඒවගේම අගනුවර වන කාබුල් නුවර කරණවෑමියන්ටද මේ වන විට එම පණිවිඩය ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශරියා නීතිය

ඉස්ලාම් මූලධර්මවාදීන් සිය ශරියා නීතියට අනුව රැවුල දිගට වැවීම සම්ප්‍රදායක් සහ විශ්වාසයක් ලෙසයි සලකන්නේ.

1996 - 2001 තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය පාලනය කළ සමයේද මෙම නීති පනවා තිබුණා.

එහෙත් 2001 වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය බිඳ වැටීමත් සමග තරුණයින් මුහුනේ රැවුල සම්පූර්ණයෙන්ම කැපීමටත් (CLEAN SHAVEN) කැමැත්තක් දක්වා තිබුණා.

ජනප්‍රිය මෝස්තර

එය ඇෆ්ගන් තරුණයින් අතර ඉතා ජනප්‍රිය මෝස්තරයක්ව තිබුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විවිධ ආකාරයේ කොණ්ඩා මෝස්තර වලට අනුව කොණ්ඩය කැපීමටත් හුරු පුරුදුවයි සිටියේ.

එහෙත් තලේබාන් පාලනය ඇමරිකානු විලාසිතාවලට කොණ්ඩය (FLAMBOYANT HAIRSTYLES) නොකපන ලෙසද කරණවෑමි ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම නව නීති රීති සමග සිය වෘත්තිය කරගෙන යෑමට අසීරු බවයි කරණවෑමියන් සඳහන් කරන්නේ.

එනිසා තව දුරටත් මේ වෘත්තිය කරගෙන යාම පලක් නැති බවයි ඔවුන්ගේ අදහස.

කොණ්ඩය හා රැවුල සම්බන්ධයෙන් වූ මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙන්නේ බී.බී.සී ලෝක ප්‍රවෘත්ති සේවයයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 September 2021 15:53