March 28, 2024

ඇෆ්ගන් ත්‍රස්තයින් ගැබිනි කාන්තාවක් පවුල ඉදිරියේම මරා දමයි

September 06, 2021

තලේබාන් ත්‍රස්ත හමුදාවන් විසින් ගැබිණි පොලිස් නිලධාරිනියක් එරට ගොහාර් ප්‍රාන්තයේ අග නගරයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය බොහෝමයක් සිරස්තලය බවට පත්ව තිබූ මෙම පුවත අනුව ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ බානු නේගර් නම් කාන්තාවක්.

මෙම පොලිස් නිලධාරිනියව ඝාතනය කර ඇත්තේ ඇය ජීවත් වන නිවස ඉදිරිපිටදී වන අතර එම අවස්ථාවේදී ඇයගේ ඥාතීන් ද සිට තිබෙනවා.

තලේබාන් ත්‍රස්තයන් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය ලබාගැනීමත් සමඟ එරට කාන්තාවන් වෙත දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය තුළ ඝාතන සිදුවීම් ද වැඩි වශයෙන් වාර්තා වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බානු නේගර් පොලිස් නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් බිබිසී ජාත්‍යන්තර මාධ්‍ය ජාලය විසින් තලේබාන් සංවිධානයෙන් විමසීමක් කර තිබුණු අතර එහිදී ත්‍රස්තයන් පවසා තිබුණේ ඇයගේ ඝාතනයට සිය සම්බන්ධයක් නොමැති බවයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කරන බවද තලේබාන් ත්‍රස්තයින් ප්‍රකාශ කර තිබුණා.

Rate this item
(0 votes)