April 27, 2024

ඇෆ්ගන් ත්‍රස්තයන්ගේ උසස් අධ්‍යාපන ඇමතිගේ අලුත්ම තහනම

September 12, 2021

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමින්ගෙන් වෙන්ව ඉගෙන ගන්නා තාක් කල් විශ්ව විද්‍යාලයට යාමට අවසර දෙන බව තලේබාන් සංවිධානයේ නව උසස් අධ්‍යාපන ඇමතිවරයා අද (12) දිනයේ ප්‍රකාශ කළා.

තලේබාන් ත්‍රස්තවාදීන්ගේ 1996-2001 පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස කප්පාදු කරන ලද නමුත් පසුගිය මාසයේ බලයට පත් වූ ඉස්ලාම්වාදීන් කියා සිටියේ දැඩි අන්තවාදී පාලනයක් ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් නව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ මිශ්‍ර පංති කාමර හා මිශ්‍ර පාසල් සංකල්පය ඇෆ්ගනිස්ථානයේ අවසන් කරන බවයි.

ශිෂ්‍යාවන් සහ ශිෂ්‍යයන් එකිනෙකා මුහුවීම වැළැක්වීම සඳහා ඇෆ්ගන් ත්‍රස්ත පාලනය විසින් පන්ති කාමර වෙන් කිරීම සහ පංති කාමර හරහා තිර රෙද්දක් ඇදීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස දැනුම් දි තිබුණා. දැඩි තහනමක් පනවනවාට වඩා මෙම ක්‍රමවේදය අනුගමනය කිරීම හොඳ බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්වා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 19:04