April 20, 2024

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් තම ආදරණීය පුත්‍රයා විකුණාදමයි

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ ජනතාව ගෙවන ජීවිතය නරක තත්වයකට පත්ව තිබෙන බවට වාර්තා වෙනවා. රටේ දුප්පත්කම ඉහළයාම නිසා තම දරුවන්ට ආහාර පාන ලබාදීමට නොහැකිකම නිසා තමන් සතුදෑ විකුණා දමන්නට ඇෆ්ගන් ජනතාව මේවනවිට පෙළඹී තිබෙනවා. බොහෝ අය තම ගෘහ භාණ්ඩ වෙන්දේසි කිරීම සිදුකරනවා.

නවතම සිද්ධිය වන්නේ කාබුල්හි බග්ලාන් පළාතෙන් අවතැන් වූ දුප්පත් කාන්තාවක් තම අහිංසක පුත්‍රයා විකිණීමයි. ඇය එසේ සිදුකර ඇත්තේ තම 13 හැවිරිදි දියණියට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් ලබාගැනීම සඳහායි.ටොලොනිවුස් ප්‍රවෘත්ති වලට අනුව, අසනීප වූ කාන්තාවගේ දියණියට ප්‍රතිකාර කිරීම සඳහා අවුරුදු එකහමාරක් වයසැති පුත්‍රයෙකු විකුණා ඇත්තේ ඩොලර් 335 කටය. කාබුල්හි කූඩාරමක ජීවත් වන ලලූමා පැවසුවේ තමාට වෙනත් විකල්පයක් නොමැති නිසා තම දරුවා විකිණීමට සිදු වූ බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 13:13