March 28, 2024

රට හදන්න ත්‍රස්තයන්ගෙන් ඇෆ්ගන් වෘත්තීයවේදීන්ට ආරාධනා

September 01, 2021

බිඳ වැටී තිබෙන ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා තලේබාන් ත්‍රස්තයන් විසින් ඇෆ්ගනිස්ථාන වෘත්තීයවේදීන්ට ආරාධනාවක් කර තිබෙනවා.

දැනට බිඳ වැටී තිබෙන ඇෆ්ගනිස්ථානයේ විදේශ ආයෝජන අවස්ථාවන් නැවත ඇති කරගැනීමේ අරමුණින් තලේබාන් පාලනය විසින් එරට වෘත්තීයවේදීන්ට මෙලෙස ආරාධනා කර ඇති බවයි සඳහන් වන්නේ.

වසර 20ක් පුරාවට පැවැති යුද ගැටුම් අතර තලේබාන් සංවිධානය සමඟ හවුල්ව කටයුතු කළ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහත්, එමෙන්ම අනෙකුත් පුද්ගලයින් සඳහා සිය පාලනය කිසිම ලෙසක දොස් පැවරීමක් හෝ සම්බාධක පැනවිමක් සිදුනොකර බවටද ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එම සංවිධානය මාධ්‍යනිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇෆ්ගන් ආර්ථිකය නැව ගොඩනැගිය යුතුව ඇති බවත් ඒ සඳහා සිය සංවිධානයට වෘත්තීයවේදීන්ගේ සහ ආර්ථික ප්‍රවීණයන්ගේ සහාය අවශ්‍ය බවයි. ඔවුන් එක්වී රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනය සඳහා අවශ්‍ය සැලැසුම් සකස් කළ යුතුව ඇති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයට සහ අනෙකුත් රටවල් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් කරමින් සිටින අවස්ථාවේදී ඇෆ්ගනිස්ථානයේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සහ උගත් ප්‍රභූ පැලැන්තිය වැනි විශේෂඥයින්ට රට හැර යාමට දිරිමත් නොකරන ලෙසද තලේබාන් සංවිධානය විසින් දැඩි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණා.

Rate this item
(0 votes)