April 20, 2024

අවසන් අමෙරිකානු ගුවන් යානයත් නික්ම යයි - ත්‍රස්තයන් හතරේ අතේ වෙඩි තබයි (VIDEO)

වසර 20ක් පුරාවට පැවැති යුද කටයුතු නිමා කරමින් අද (31) අලුයම් කාලයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ අවසන් ගුවන් යානා 03 කාබුල් පොළොවෙන් පිටත්ව ගියා.

31 වැනිදා දක්වා පිටත්ව යෑම සඳහා තලේබාන් ත්‍රස්ත සංවිධානය අවසර ලබාදී තිබුණු අතර ඒ අනුව අද අලුයම වෙන විට අමෙරිකාව විසින් සිය මෙහෙයුම් කටයුතු අවසන් කළා.

කාබුල් ගුවන්තොටුපොළ මෙතෙක් දවසක් අමෙරිකානු හමුදා යටතේ පැවැති අතර ඔවුන් පිටත්ව ගිය පසුව තලේබාන් ත්‍රස්තයන් විසින් ගුවන්තොටුපොළ සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.

අමෙරිකානු හමුදාවන් පිටත්ව යෑමේ සතුට සැමරීම සඳහා තලේබාන් ත්‍රස්තයන් විසින් ගුවන්තොටුපොළේ අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබුණා.

අමෙරිකානු හමුදාව විසින් අගෝස්තු 14 වැනිදා ආරම්භ කළ ගලවා ගැනීමේ මෙහෙයුම් අද (31) අලුයම දක්වා පැවැති අතර ඒ අනුව එම කාලය තුළ පුද්ගලයින් 130,000ක් ඉවත් කිරීමට අමෙරිකාවට හැකි වුණා. 

යුද්ධය අවසන්! තලේබාන් දිනුවා” යැයි පවසමින් ත්‍රස්තයන් ඇතුළු ත්‍රස්තයන්ට සහාය පළ කරන පිරිස් විසින් ප්‍රීති ඝෝෂා කළ බවටද ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අහසට වෙඩි තැබූ අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 07:40