April 19, 2024

ලෝක බලවතුන්ගේ හමුව ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් පන්නා දමයි (VIDEO)

ලෝක බලවතුන් දෙදෙනාගේ මාධ්‍ය හමුව ආවරණය කරන්නට ගිය මාධ්‍යවේදීන්ව එම ස්ථානයෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

ලෝකයේම දැඩි අවධානයක් යොමු වන මෙම දේශපාලනික හමුව මෙලෙස ආවරණය කිරීම සඳහා ඇමෙරිකානු, රුසියානු මෙන්ම තවත් බොහෝ රටවල මාධ්‍යවේදීන් පැමිණ තිබුණා.

මුලින්ම මාධ්‍යවේදීන් විසින් නොර්වේ ජිනිවා නුවර ඇති ඉපැරැණි මාලිගාවේ සාකච්ඡා කාමරය වෙත පැමිණ තිබුණත් ඉන්පසුව එතැනින් ඉවත් කරන්නට නායකයින් දෙපළගේ ආරක්ෂක අංශ කටයුතු කරනු ලබනවා.

ඉන්පසුව මාධ්‍යවේදීන් පිරිසක් ගොඩනැගිල්ලේ ජනේලයක් හරහා හමුව ආවරණය කරන්නට උත්සාහ කළ අතර එහිදී ආරක්ෂක අංශ විසින් ඔවුන්ව එම ස්ථානයේ ඉවත් කොට අදාළ ජනේලය කඩදාසි භාවිත කර ආවරණය කරන්නටද කටයුතු කර තිබුණා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇමෙරිකානු මාධ්‍යවේදීන් පිරිසක් එහිදී කෑගසමින් සිය විරෝධයද පළ කර තිබූ බවයි.

මෙහිදී පළමුව සාකච්ඡාව පැවැත් වූ ස්ථානයේ දී ආරක්ෂක අංශ විසින් ඉතාමත් කාරුණිකව මාධ්‍යවේදීන් වෙත ඉවත් යන ලෙස පවසා සිටින්නේ නායකයින් දෙපළ සාකච්ඡාව කරගෙන යන්න අවස්ථාව ලබාදෙන ලෙස පවසමිනි. එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

මාළිගාවෙන් එළියට දැමූ මාධ්‍යවේදීන් පිරිස ඉන්පසුව සාකච්ඡාව පවත්වන මන්දිරයේ ඇති ජනේලයකින් සාකච්ඡාව ආවරණය කරන්නට උත්සාහ කර තිබුණු අතර එහිදී ආරක්ෂ අංශ විසින් ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ යම් උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබුණා. එම සිදුවීමේ වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)