April 20, 2024

යුක්‍රේනයට ඇමෙරිකාවෙන් උදව්

February 26, 2022

රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

යුක්රේනයේ ආරක්ෂාව උදෙසා එම යුධ ආධාර සපයන ලෙසයි ජනපති බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයා හරහා දන්වා ඇත්තේ.

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි ව සන්නද්ධ වීමට සහාය වන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව, ඒ සඳහා පාර්ශවකරුවන්ගේ සහාය ලැබෙන බව පසු ව ඔහු කියා සිටියා.

මේ අතර, රුසියානු හමුදා ප්‍රකාශ කළේ, දකුණු දිග යුක්රේන නගරයක් වන මෙලිටොපොල් තමන් අත්පත් කර ගත් බව යි.

රුසියානු හමුදා විසින් කීව් අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර වෙත කාල තුවක්කු සහ කෲස් මිසයිල ප්‍රහාර අඛණ්ඩ ව එල්ල කරන බව සඳහන්.

Rate this item
(0 votes)