April 26, 2024

ඇෆ්ගන් හී සිටින ජර්මානුවන්ව අත්හැර දැමීමට ජර්මනියට සිදුවෙන ලකුණු

අමෙරිකානු රජය විසින් අගෝස්තු 31 වැනිදාට ප්‍රථම සිය පිරිස් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා වේගවත් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ප්‍රකාශ කර තිබුණේ ඉක්මණින් පිරිස් ඉවත් කරගැනීම ඉතාමත් ආරක්ෂිත දෙයක් වනු ඇති බවයි.

මේ අතර ජර්මානු පිරිස් ද ඉවත් වෙමින් සිටින අතර ඔවුන් සියලු දෙනාවම අගෝස්තු 31 වැනිදාට ප්‍රථම ඉවත් කරගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

දැනට කාබුල් හමීඩ් කර්සායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිටින ජර්මානුවන් ඉවත් කරගැනීම සිදුවන අතර තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නොහැකිව සිටිනවා.

ඇෆ්ගන් පාලනය බලය අල්ලාගෙන සිටින තලේබාන් ත්‍රස්තයන් විසින් සියලු රටවලට අනතුරු ඇඟවිමක් ද නිකුත් කර ඇති අතර 31 වැනිදාට පෙර සියලු පිරිස් ඉවත් කර ගන්නා ලෙසයි.

ජර්මානු රජයේ ප්‍රකාශයෙකු විසින් එරට මාධ්‍ය වෙත පවසා තිබන්නේ ලැබී ඇති සීමිත දින ප්‍රමාණය තුළ ඉතිරිව සිටින පිරිස ඉවත් කරගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බවයි.

මෙලෙස ගුවන්තොටුපොළ වෙත නොපැමිණි එහෙත් කාබුල් නුවර සිරවී සිටින ජර්මානුවන් ගලවා ගැනීම සඳහා එරට රජය සියලු කටයුතු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

මේ වන විට ජර්මානුවන් 351ක් ඉවත් කරගැනීමට ජර්මනිය කටයුතු කර තිබෙනවා.

Rate this item
(0 votes)