May 02, 2024

“අපි තවත් චාන්ස්ලර්ට බියර් අලෙවි කරන්නේ නැහැ” - ජර්මානු චාන්ස්ලර්ව අවන්හල් හිමියන් කළු ලැයිස්තුවට දමයි

November 01, 2020

ජර්මානු චාන්ස්ලර් වන ඇන්ජෙලා මර්කල්ව කළු ලැයිස්තුවට දැමීමට ජර්මානු අවන්හල් හිමියන් හිමියන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

මෙම නව කළු ලැයිස්තුවට මුලින්ම චාන්ස්ලර්වරිය ඇතුළු කර තිබුණේ ජර්මානු දේශපාලනඥයින් සහ ඉහළ පෙළේ පිරිස් හට තම සේවය ලබා දෙන සුප්‍රසිද්ධ ‘ස්ටැන්ඩිජ් වර්ට්‍රේටන්ග්’ අවන්හල විසිනි.

මෙම තහනමට හේතුව ලෙස එම අවන්හල පෙන්වා දෙන්නේ ඊයේ (31) දිනයේ දී ජර්මනිය තුළ යළිත් නිරෝධායන නීති බලාත්මක කිරීමයි. 

ආහාර බෙදා හැරීම් සහ අවන්හල්වලට නව සීමා පැනවූ බවත් ඒ නිසා තමන්ගේ වෙළෙඳ ව්‍යාපාර නැවත කඩා වැටුණු බවත්, ඔවුන්ගේ රැකියාවන් කරගෙන යාම තහනම් කරන තැනට ඔවුන් සේවා සපයන දේශපාලනඥයින් කටයුතු කරමින් සිටින බව අවන්හල් හිමියන් ප්‍රකාශ කරයි.

මෙම හේතුව මුලික කරගෙන වාහම ඔවුන්ට ආහාර සහ බියර් සැපයීම නවතා දැමූ බවත් ඔවුන්ව කළු ලැයිස්තුවට ඇතුළු කරන බවත් අවන්හලේ පාලනධිකාරීය පවසා සිටියි.

ඒ අනුව එරට ප්‍රධානී චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල්, උප චාන්ස්ලර්වරයා, බර්ලීන් නගරාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩල ප්‍රධානීයා ඇතුළු දේශපාලනයේ ඉහළ පෙළේ සියලු චරිත මෙලෙස කළු ලැයිස්තුවට ඇතුළු කර ඇති අතර තව දුරටත් ඔවුන්ට එම අවන්හලට ඇතුළු වීමටත් අවසර ලැබෙන්නේ ද නැති බව වාර්තා වෙයි.

නමුත් එරට සෞඛ්‍ය බලාධාරීන් පෙන්වා දෙන්නේ අවන්හල්වල ආශ්‍රිතව නව ආසාදන වාර්තා වන්නේ ඉතා සුළු කොටසක් පමණක් බවයි.

නමුත් රැකියා මිලියන 2.5 ක් සපයන සමස්ත කර්මාන්තයම මේ වන විට වසා දමා ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 20:41