April 19, 2024

පදිකයන් උඩින් විසිවෙයි - සුපිරි ජීප් රියක් පදික වේදිකාවේ යකා නටයි

December 02, 2020

ඊයේ (01) දිනයේ දී ජර්මනියේ ට්‍රයර් නගරයේ පදික වේදිකාවට කඩා වැදුණු සුපිරි ජිප් රියක් හේතුවෙන් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

ලෑන්ඩ් රෝවර් ෆ්රීලැන්ඩ්ර් 02 වර්ගයේ රථයක් මෙලෙස පදික වේදිකාවට කඩා වැදී තිබුණු අතර එම අවස්ථාවේ පදික වේදිකාවේ සිටි පුද්ගලයින් යට කරගෙන එම රිය ඉදිරියට ගිය බවත්, රියේ වැදුණු සමහර පුද්ගලයින් ඉහළට විසිව ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

සැකකාර රියදුරා 51 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනා ගෙන තිබේ. පොලීසිය විසින් මේ වන විට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම තරමක් අපහසු වී තිබූ අතර පොලීස් වාහන සැකකාර රියදුරාගේ වාහනය හප්පා නවතා ගැනීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශය සිදුවීම වන අවස්ථාවේ පොලීසිය ඉක්මණින් මැදිහත්ව තිබූ අතර ජනතාවට එම ප්‍රදේශයට ඇතුළු වීමෙන් වළකින ලෙසද නිවේදනය කර තිබුණා.

සිදුවීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ යුද්ධකින් පසු පරිසරයක මෙන් දිස් වූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණී.

Rate this item
(0 votes)