April 25, 2024

රාජ්‍ය තාන්ත්‍රික බලයෙන් සාප්පුවක සේවකයාට පහර දුන් තානාපති බිරිඳ (VIDEO)

දකුණු කොරියාවේ සියෝල් නුවර රෙදි සාප්පුවක සේවකයෙකුට පහර දුන් දකුණු කොරියානු - බෙල්ජියම් තානාපතිවරයාගේ බිරිඳ රාජතාන්ත්‍රික විමුක්තිය හේතුවෙන් ඇයට එරෙහි පවරා තිබූ පහර දීමේ සිද්ධිය සම්බන්ධ පැමිණිල්ලෙන් නිදහස් වී තිබේ.

ඊයේ (17) දිනයේ දී මෙම සිදුවීම වී ඇති අතර තානාපති බිරිඳ විසින් සියෝල් නුවර රෙදිපිළි අලෙවි සැලකට පැමිණ එහි ඇති රෙදිපිළි බලා යන අවස්ථාවේ රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයෙකු ඇයව නවත්වා තිබේ. ඉන්පසු සේවකයා විසින් තානාපති බිරිඳ ඇඳගෙන සිටි ඇඳුම සාප්පුවෙන් සොරකම් කළ එකක් බවට චෝදනා කර තිබේ.

කෙසේ වෙතත් ඇඳුම පරික්ෂා කිරීමෙන් අනතුර එය සොරකම් නොකර ඇති බවට තහවුරු වීමත් සමඟ සාප්පු සේවකයා තානාපති බිරිඳගෙන් සමාව අයැද තිබුණි. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තානාපති බිරිඳ දැඩි ලෙස කෝපයට පත්ව සිට ඇති අතර සාප්පුව තුළට ගිය ඇය එහිදී එම සේවකයාට පහර දීමට උත්සාහ දරා තිබේ.

එම පහර දීම වැළැක්වීමට පැමිණි තවත් සේවකයෙකුට තානාපති බිරිඳ විසින් පහර දෙන ආකාරය සිසිටීවී දර්ශනවල සටහන්ව තිබුණි.

පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ සාප්පුව වෙත පැමිණියත් රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකවක් වූ ඇයට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට නොහැකිව තිබේ.

වියානා සම්මුතිය හරහා ලැබී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික බලතල අනුව තානාපතිවරයෙකු හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු ඔවුන් සිටින රටේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට හැකියාවක් නොලැබෙයි.

සිදුවීම සම්බන්ධයෙන් බෙල්ජියානු තානාපතිවරයා සමාව ඉල්ලා ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ තමන්ගේ බිරිඳ කළ ක්‍රියාව කිසිම ලෙස අනුමත කළ නොහැකි දෙයක් බවයි.

මෙම සිදුවීමේ වීඩියෝව කොරියානු සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වූ අතර බොහෝ දෙනෙකු එහිදී තානාපති බිරිඳව දැඩිව විවේචනය කර තිබුණි.

එම පහර දෙන අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)