May 13, 2024

ඇෆ්ගනිස්ථානය අමාරුවේ දමා අමෙරිකාව ඉවත් වෙයි

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින අමෙරිකා එක්සත් ජනපද හමුදාවන්ගෙන් 90%ක් මේ වන විටත් ඉවත් කරගෙන අවසන් බවට අමෙරිකා ආරක්ෂක අංශ විසින් වාර්තා කර තිබෙනවා.

මේ වන විටත් අමෙරිකානු හමුදාවට අයත්ව තිබූ කඳවුරු 07ක් පහසුකම් සහිතවම ඇෆ්ගනිස්ථාන රජයට භාරදුන් බවට එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරිවරයා විසින් පවසා තිබෙනවා.

අමෙරිකානු හමුදා ඉවත් වීම ආරම්භ කිරීමත් සමඟ ඇෆ්ගනිස්ථානය තුළ තලේබාන් ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබෙන අතර අමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය වෙත ලබාදුන් යුද රථ 700ක් ද තලේබාන් සටන්කාමීන් විසින් පැහැර ගෙන තිබුණා.

එමෙන්ම ඔවුන් මේ වන විටත් ඇෆ්ගනිස්ථානය තුළ ඇති ප්‍රධාන බල ප්‍රදේශයන් තම ග්‍රහණයට නතු කරගනිමින් සිටින බවයි සඳහන් වන්නේ.

බොහෝ දෙනෙකු මත පළකරමින් පවසා සිටියේ අමෙරිකාව විසින් භාර දී යන පහසුකම් සහිත කඳවුරුත් මෙම තලේබාන් සංවිධානයට නතු වීමේ ඉඩකඩක් ඇති බවයි.

Rate this item
(0 votes)