May 11, 2024

අමෙරිකානු යුද රථ 700ක් තලේබාන් සටන්කාමීන් පැහැර ගනී (VIDEO)

ඇෆ්ගනිස්ථානයේ ඉවත් වෙමින් සිටින ඇමෙරිකානු හමුදාවන්ට අයත් යුද රථ 700ක් පමණ ඇෆ්ගනිස්ථාන හමුදාවන් වෙත ලබාදීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

මෙම යුද රථ 700ම ඇෆ්ගනිස්ථාන හමුදාවන්ගෙන් පැහැර ගැනීමට එරට ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් වන තලේබාන් සංවිධානය කටයුතු කර තිබුණා.

මෙලෙස පැහැර ගත් යුද රථ අතරට එක්සත් ජනපද හමුදා ට්‍රක් රථ, හම්වීස් වැනි රථ අයත් වන බවයි සඳහන් වන්නේ.

මෙලෙස පැහැර ගත් යුද රථවල වීඩියෝ දර්ශනද තලේබාන් සංවිධානය විසින් අන්තර්ජාලය තුළ පළ කර තිබුණා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ තලේබාන්වරුන් විසින් පැහැර ගත් යුද රථ ප්‍රමාණය දැන් වාර්තා වන 700ක ප්‍රමාණයට වඩා වැඩිවිය හැකි බවයි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ඉවත් වීම ආරම්භ කළ පසුව එරට ජාතික ආරක්ෂක පහත වැටෙමින් ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

තලේබාන් සංවිධානය විසින් පැහැර ගත්ත යුද රථවල දර්ශන පහතින්,

Rate this item
(2 votes)