May 18, 2024

හැරී කුමාරයාට ජීවිත තර්ජනයක්? අභිරහස් වාහනයක් පසුපස හඹා එයි

හැරී කුමරුන් තමන්ගේ මව වන ඩයනා කුමරියගේ පිළිරුවක් නිරාවරණය කිරීමේ උත්සවයකට සහභාගී වීමට බ්‍රිතාන්‍ය බලා යෑමට ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා. 

හැරී කුමරුගේ පැමිණිමෙන් මොහොතකට පසුව ලොස් ඇන්ජිල්ස් ගුවන්තොටුපොළ වෙත  මොටර් රථයක් ඇතුළත් කර තිබුණු අතර එම මෝටර් රථය එක්වරම ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටවල් බිඳ දමමින් ගුවන් පථය දෙසට වේගයෙන් ධාවනය කර තිබුණු බව සඳහන් වෙනවා.

මෙහිදී මෙම මෝටර් රථය ගුවන්තොටුපොළේ පිහිටා ඇති Fedex ගබඩා සංකීර්ණය ආසන්නයේ දී පොලීස් නිලධාරීන් විසින් අල්ලා ගැනීමට සමත්ව තිබුණා. 

මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොතිබුණත් පොලීස් මෙහෙයුම හේතුවෙන් ගුවන්තොටුපොළේ ප්‍රධාන ධාවන පථ 02ක් තාවකාලිකව වසා දැමීමට සිදුවුණු බවද සඳහන් වෙනවා.

මෙම මෝටර් රථය ගුවන්තොටුපොළ වෙත කඩා වැදුණු හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර එය ගුවන් යානයකට හානියක් කිරීමට හෝ පුද්ගලයෙකුගේ ජීවිත හානියක් සිදු කිරීමටද යන්න පිළිබඳව ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තුමේන්තුව විසින් පරික්ෂණයක් පවත්වමින් සිටිනවා.

මෙම සිදුවීම වන අවස්ථාවේ හැරී කුමරු ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට තිබෙන අතර ඔහුට ආරක්ෂක අංශයන් විසින් ආරක්ෂාව සපයා තිබුණු බවත් වාර්තා වෙනවා. සිදුවීමෙන් මිනිත්තු 40කට පමණ පසුව හැරී කුමරු නැවත බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබුණු බව සඳහන් වෙනවා.

Rate this item
(0 votes)